spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ ආකාරය ගැන අනාවරණයක්

කොවිඩ්-19 බොහෝ විට චීන රජය විසින් පාලනය කරනු ලබන විද්‍යාගාරයකින් ආරම්භ වූවක් බවට විශ්වාස කරන බව ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර තිබෙනවා.

වසංගතයේ මූලාරම්භය බොහෝ විට විභව රසායනාගාර සිදුවීමක් බවට FBI ආයතනය විසින් කාලයක් පුරා කළ විමර්ශනවලින් තක්සේරු කර ඇති බවයි ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වසංගත වයිරසය මතු වූ ආකාරය පිළිබඳ FBI හි විනිශ්චය පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය ලෙසට සැලකෙනවා.

එහෙත් බොහෝ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය රසායනාගාරයකින් කාන්දු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ තවත් රාජ්‍ය ආයතන FBI ආයතනයේ මතයට වෙනස් නිගමනවලට ද එළඹ තිබෙනවා.

ඔවුන්ගෙන් සමහරෙක් පවසා ඇත්තේ වෛරසය රසායනාගාරයකින් ආරම්භ වූවක් නොව සතුන්ගෙන් මිනිසුන්ට අසාධනය වූවක් බවයි.

රසායනාගාර කාන්දු න්‍යාය අතිශයින්ම විය නොහැක්කක් යනුවෙන් 2021 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කළ පරීක්ෂණ මගින් ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?