spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා රෝගීන් විලාප නගද්දී සුපිරියට ඉදිවෙන පාර්ලිමේන්තු මන්දිරය මෙන්න

ඉන්දියාවේ කොරෝනා ආසාදනය වූ ජනතාව ඔක්සිජන් හා රෝහල් ඇඳන් නැතිව විලාප නඟන අවස්ථාවේ නරේන්ද්‍ර මෝදි රජය ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැයකර මහල් හතරකින් යුත් නව පාර්ලිමේන්තු මන්දිරයක් ඉදිකිරීමේ සිද්ධියක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කේක් ගෙඩියක හැඩය ගත් මේ නව පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීම භාරව ඇත්තේ ප්‍රකට ටාටා සමාගමටයි.

ඉන්දීය සහ විදේශ මාධ්‍ය පවසන්නේ කොරෝනා වසංගතයෙන් ලක්ෂ ගණනක ජනතාව පීඩා විඳින අවස්ථාවේ මේ සුපිරි පාර්ලිමේන්තු මැඳුර ඉදිවන බවයි. මේ සඳහා වැයවන මුදලින් රෝහල් 40ක් ඉදිකළ හැකි බව ද හෙළි වී තිබෙනවා. 2022 වසරේ ඉන්දියාවේ 75 වැනි නිදහස් සමරුව පැවැත්වෙන නිසා ඊට පෙර නව පාර්ලිමේන්තු මන්දිරය ඉදිකිරීම රජයේ අරමුණ වී තිබෙනවා.මෙම නව පාර්ලිමේන්තු මන්දිරයේ මන්ත්‍රීවරුන් 1224කට අසුන් ගත හැකි අතර මෙම මන්දිරය ඉදිකිරීම සඳහා නවදාහකට අධික සේවක සංඛ්‍යාවක් සහභාගිවන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?