කොරෝනා මරණ සහ සංකූලතා ගැන ලොව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හෙළිකළ දේ මෙන්න

කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහලු සංකූලතාව පිලිබඳ ව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා හේතුවෙන් මියගිය අයගේ පශ්චාත් පරණ පරීක්ෂණවල දී එම සංකූලතාව සොයාගෙන තිබෙන අතර, එම නව රෝග තත්ත්වය හඳුනා ගෙන තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා විසින්.

මෙම නියුමෝනියා තත්ත්වයට පෙර ඇති වන පෙනහලු සංකූලතාව “ඇකියුට් ලිම්ෆොසිටික් ඉන්ටස්ටීෂල් නිව්මෝ නයින්ටීස්“ ලෙස හඳුන්වන බවයි ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා පැවසුවේ.

මෙය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා සිදුවන පෙනහලු සංකූලතා ආරම්භ වන පළමු අදියරේ දී දැක ගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව, පෙනහලුවේ ගර්තවල සෛල විනාශ වීම මෙම නියුමෝ නයින්ටීස් රෝග තත්ත්වයේ දී සිදුවන බව ඔහු කියා සිටියා.

සෛල විනාශ වීමේ දී ගර්ත බිත්ති විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වී ඒවා මිය යන බවත් ඒ සමඟ ම එම සෛල ගර්ත ඇතුළට කඩා වැටීම නිසා “හයලයින් මෙම්බි්‍රන් ෆෝමේෂන්“ යන තත්ත්වය ඇති වන බවත් ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා ප්‍රකාශ කළා.

එය කොවිඩ් 19 වෛරසය ආසාදනය වී දින 5ත් 7ත් අතර කාලය තුළ දැක ගත හැකි වන බවත්, එය දින 10ක් පමණ දක්වා වුව ද පැවතිය හැකි බවත්, ඔහු කියා සිටියා.

මෙය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා පෙනහලු තුළ සිදුවන ආරම්භක සංකූලතාව වන අතර, මෙම වෛරසය අසාදනය වී මිය යාමට මෙය ද හේතුවක් වී තිබෙන බවයි මේ වන විට හඳුනා ගෙන ඇත්තේ.

එම සංකූලතාව ගැන ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නා තුරු එය කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණවලට හේතුවක් බවට හඳුනාගෙන තිබී නැහැ.

කොරෝනා වෛරස ආසාදනය නියුමෝනියා තත්ත්වයට හැරෙන්නේ මෙම සංකූලතාවෙන් පසු ව බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා පැවසුවා.

වෛරසය ආසාදනය වළක්වා ගැනීම දේශීය වෛද්‍ය උපදෙස් අනුව කළ හැකි නමුත්, රෝගය වැළඳීමෙන් පසු දැනට ප්‍රතිකාර කළ හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණක් බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, ගත වූ දිනයේ කොවිඩ් ආසාදිතයින් 4304 දෙනෙකු වාර්තා වූ ඉන් 22ක් විදේශගත ව සිට පැමිණි පුද්ගලයින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 390,000ක් දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව දෛනික ආසාදිතයින් 4000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව එයයි.

කෙසේ වෙතත්, පසුගිය 16 වැනිදා සිට 19 වැනිදා දක්වා වාර්තා වු ආසාදිතයින් 4808 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය පසුගිය 21 වැනිදා අලු‍තෙන් වාර්තා කළ අතර එම ආසාදිතයින් අදාළ දිනයන් සඳහා එක් කර ඇති ආකාරය එම වෙබ් අඩවියේ දැක ගත හැකියි.

අනුව, එම දින කිහිපයේදී ම ආසාදිතයින් 4000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එක් දිනකදී ආසාදිතයින් 5000 සේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවිට අනුව පසුගිය 19 වැනිදා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5063 දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ අතර, පසුගිය 21 වැනිදා සිදු වූ කොරෝනා මරණ 183 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් වූ පළමු ගිලන් රථ රියදුරා ගැන තොරතුරු ද රත්නපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණා.

එලෙස මියගොස් ඇත්තේ රත්නපුර – නිවිතිගල ප්‍රදේශයේ පදංචි 57 හැවිරිදි පුද්ගලයෙක්. වසර 20කට අධික කාලයක් ඔහු ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 40ක් රැගෙන අද අලුයම දිවයිනට පැමිණියා.

පසුගිය 17 වනදා ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත් ව ගිය එම නෞකාව, 20 වනදා අදාළ ඔක්සිජන් තොගය රැගෙන කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළා.

මීට පෙර ද ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 40ක් ලැබුණු අතර, ඊයේ දිනයේ දී ඉන්දියාවට අයත් අයි. එන්. එස් ශක්ති නෞකාව මඟින් ද තවත් ඔක්සිජන් ටොන් 100ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

එසේ ම මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 52,417කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් ශ අද දිවයිනට ළඟා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15