spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“කොරෝනා බවට සැකයක් ..”

උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6 ක දරුවාට කොරෝනා රෝගය වැළදී ඇතැයි යන සැකය මත එම දරුවාගේ මෘත ශරීරය පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වන තුරු දෙමව්පියන් වෙත භාර නොදීමට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (27) තීරණය කර තිබෙනවා.

යාපනයේ ඇමෙරිකන් මිෂන් විද්‍යාලයේ ඉගෙනුම ලබන පූජිතරන් සප්තිකන් නැමති මෙම ශිෂ්‍යයා උණ රෝගය වැළඳීමෙන් පසුව ඔහුගේ දෙමව්පියන් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර එම දරුවා හදිසියේම සිහිසුන්ව නිවස තුළ ඇද වැටීමෙන් පසුව රෝහල ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. යාපනය පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?