කොවිඩ් පැතිරීම ප්රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී “ෆේස් ෂීල්ඩ් ” ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර ළඟම ඇති සායනයට ගොස් වර්ගය , ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය.














Surgical mask 2 ක් පැලදගත් කෙනෙක් පොටෝ එකේ ඉන්නවා. ඔය මාස්ක් දෙකක් පැළැදීම මගින් මාස්ක් වලින් ලැබෙන කාර්යක්ෂමතාව වැඩිවීමක් මා නම් දකින්නෙ නෑ. ඔය මාස්ක් නවීකරණය කරන්න ඕන.මාස්ක් නවීකරණය පිළීබදව ගරු ඇමතිතුමියට මා මැසේජ් එකක් යැව්ව. පිළිතුරු නම් නෑ