කොරෝනා නිසා රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි.
මේ හේතුව නිසා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර මහ රෝහල සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කරන්නේ මේ වන විටත් රෝහලට දරාගත නොහැකි මට්ටමට රෝගීන් පැමිණෙමින් සිටින බවයි.

කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් සඳහා වාට්ටු තුනක් වෙන් කර ඇති අතර මේ වන විටත් එම වාට්ටු සියල්ල පිරී ඉතිරී ගොස් තිබෙනවා.

වැඩබලන අධ්‍යක්ෂ වරයාට අනුව ඊයේ දින තුළ පමණක් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකසිය හතලිහක්.මේ අතර රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම් ඩී ඒ රොද්‍රිගෝ ඊයේ සවස රෝහල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රත්නපුර රෝහලේ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝහල් තුළ මෙලෙස සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ කිහිපයක් පමණයි.

දශක තුනක් පුරා පැවති එල්ටීටීඊ යුද සමයේ පවා කිසිදු අවස්ථාවක මෙරට රෝහල් පද්ධතිය තුළ මෙලෙස හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුනේ නැහැ.

2004 වසරේ රට මුහුණ පෑ බරපතලම ස්වභාවික ව්‍යසනය වන සුනාමි තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා

මේ අතර රෝහල් තුළ සෞඛ්‍යමය හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේය මතුවන ආපදාමය තත්ත්වයන් අනුව මෙලෙස හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25