කොරෝනා නිසා පුරුෂයින්ගේ සරුභාවයට බලපෑමක් වෙනවාද ඇත්ත හෙලි වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමන බොහෝ අවස්ථාවලදී පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අවස්ථා කිහිපයකදී කතාබහට ලක්විය.

කෙසේ  වෙතත් කොව්ඩ් වසංගතය ඇරඹී වසර දෙකකට පසුව මේ පිළිබඳව සුවිශේෂී අනාවරණයක් පසුගියදා සිදුකළ පරීක්ෂණයකදී සිදුකර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවන බවය.

බෙල්ජියමේදී සිදුකළ විශේෂ පරීක්ෂණයකදී මේ බව අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම විශේෂ පරීක්ෂණය සඳහා කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පිරිමි පුද්ගලයන් 120ක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූ බව අනාවරණ වී තිබේ.

ආසාදනය වී මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් ලෙස අනාවරණ වී ඇත.

එසේම මෙම පරීක්ෂණයේදී අනාවරණ වී ඇති තවත් සුවිශේෂී කරුණක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය පහළ බැසීමය.

කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්‍යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය පහළ බැස ඇතිබවද එහිදී අනාවරණ වී ඇත.

රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.

කෙසේ වෙතත් පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබවටය.

එසේ වුවද කොරෝනා ආසාදනය වීමෙන් පසු පූර්ණකාලීනව සරු භාවය අහිමි වූ පිරිමි සිටිනවාද යන්න පිළිබඳව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(BBC පුවත් සේවය)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38