කොරෝනා එන්නත ගැබිනි මවට සුදුසුද?

ගැබිනි මවුවරුන්ට එන්නත්කරණය අනුමත කර ඇත. එහෙත් එන්නත ලබා ගන්නවාද නැද්ද යන්න ඔබගේ තීරණයකි.

මෙහිදී එන්නත ලබා ගැනීමට පෙර තීරණ දෙකක් ඔබට ඇත.

 

දැනට ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා (corona) එන්නත ලබා ගැනීම.

 

එසේ නැතිනම් තවත් විද්‍යාත්මක තොරතුරු ලැබෙනතුරු කල් ගැනීම.

කොරෝනා එන්නත ලබා ගැනීම නිසා ඔබට ලැබෙන වාසි මොනවාද ?

ගර්භණී අවධියේ දී කොරෝනා රෝගය මාරාන්තික වීමට පුළුවන.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ගැබිනි කාන්තාවන් වැඩිපුර මෙම රෝගය නිසා දරුණු තත්ත්වයට පත්වන බව සොයාගෙන ඇත. විශේෂයෙන්ම ගැබිනි අවධියේ අන්තිම කාලයේදී මෙම තත්ත්වය ඉතා දරුණු වෙයි.

එමෙන්ම මළ දරු උපත් සහ නොමේරූ දරු උපත් ඇතිවීම සාමාන්‍ය ගැබිනියකට වඩා දෙගුණයකින් වැඩි ය. ඊට අමතරව ගැබිනි මවකට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ පපුවේ හතිය වැනි රෝග ඇති නම් තත්ත්වය තවත් භයානක වේ.

 

කොරොනා එන්නත කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඔබව කොරෝනාවෙන් ආරක්ෂා කරයි.

කොරෝනා එන්නත මගින් ඔබට කොරෝනා රෝගය ඇති නොවේ. කොරෝනා එන්නත තුළ කොරෝනා වයිරසය නැත. එමෙන්ම එම එන්නත තුළ ඔබට හෝ ඔබගේ කුස තුළ සිටින දරුවාට හානිදායක කිසිදු සංඝටකයක් නොමැත.

 

කොරොනා එන්නතේ ඇති අනතුරුදායක තත්ත්වයන් මොනවාද ?

කොරෝනා එන්නත් ගැබිනි මවුවරුන් සඳහා විශේෂයෙන් පරීක්ෂාකර නැතත්, ඇමරිකා එක්සත් ජනපදයේ ගැබිනි මවුවරුන් 130,000 පමණ ගණනකට (Pfizer Biontech or Moderna vaccines) ලබාදී ඇති අතර කිසිදු අතුරු ආබාධයක් සොයාගෙන නොමැත. තවදුරටත් මෙම එන්නත්වල ඇති බලපෑමත් නිරීක්ෂණය කරන අතර මේ තාක් කිසිදු බලපෑමක් මවට හෝ දරුවාට නිරීක්ෂණය වී නොමැත.

 

සයිනෝෆාම් එන්නත ගැබිනි අවධියේදී ලබා ගත්තාට කමක් නැද්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සයිනෝෆාම් එන්නත ගර්භණී අවධියේදී පවා ලබාදිය හැකිය.

දැනට තිබෙන දත්ත අනුව එම එන්නත මගින් ගැබිනි මවට හෝ කලලයට හානියක් ඇති නොකරයි. එන්නත ලබා ගැනීමට ප්‍රථම ඔබ ගැබ් ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර සහ ගැබ් ගැනීම පමා කිරීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

එන්නත් අතරින් ගැබිනි මවුවරුන්ට සුදුසුම එන්නත කුමක්ද ?

ෆයිසර් (Pfizer Biontech) හෝ මොඩර්නා (Moderna) මවුවරුන්ට වඩාත් සුදුසුය. එක්සත් රාජධානියේ මවුවරුන්ට ලබා දෙන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් පමණි.

 

ගැබිනි අවධියේ දී කොරෝනා රෝගය වැළඳුනහොත් කුමක් වේද ?

කොරෝනා වැළඳුණු ගැබිනි කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට ම කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. දහයට එකක් රෝගය ඇතිවිට දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කිරීමට සිදුවේ. එහෙත් මෙහි ඇති වැදගත්ම කරුණ නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කිසිදු ගැබිනි කාන්තාවක් රෝහල් ගත කර නොමැති වීමය.

 

ගැබිනි අවධියේ මුල් කාලයේ දී එන්නත ලබා ගැනීම සුදුසුද ?

ඕනෑම ගැබිනි අවධියකදී මෙම එන්නත ලබා ගැනීම සුදුසුය. එහෙත් ඇතැම් මවුවරු මෙම එන්නත මුල් සති 12 පසුවී ලබා ගැනීමට කැමැත්තක් දක්වති. එයට හේතුව නම් මුල් සති 12 තුළ ළදරුවාගේ ඉන්ද්‍රිය වර්ධනය සිදුවන කාලය වීමයි. එහෙත් එන්නත මෙසේ පරක්කු කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

 

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුද ?

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් ඉතා හොඳ ප්‍රතිශක්තියක් මවකට ලැබේ. එහෙත් මෑතකදී ඇති වූ ඩෙල්ටා (DELTA) වයිරස් ප්‍රබේදයමගින් ආරක්ෂා වීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුය. දෙවැනි මාත්‍රාව ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා දී සති 8- 12ක් පමණ ගත වූ පසුවයි. එමඟින් ගර්භණී අවධියේ අවසන් කාලයේ ඇතිවන භයානක අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගත හැකිය.

 

පහත සඳහන් කාණ්ඩවලට ඔබ ඇතුළත් නම් එන්නත ලබා ගැනීම අත්‍යාවශ්‍යයි !

ඔබ හෝ ඔබගේ ආශ්‍රිතයකු රෝහලක හෝ සමාජ සේවකයකු ලෙස හෝ වැඩිහිටි නිවාසයක වැනි ස්ථානයක සේවය කරනවා නම්,

ඔබේ අසල්වැසි ප්‍රජාවේ කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරෙනවානම්

නිතර පිටස්තර පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වනවා නම්

ඔබට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි ප්‍රායෝගික ගැටලු‍ පවතී නම්

ඔබේ නිවසේ බොහෝ දෙනෙක් ජීවත් වෙනවා නම්

ආසියානු සම්භවයක් ඇති වීම එනම් අපේ රටේ බොහෝමයක් මව්වරු (එයට හේතුව නම් ආසියාතික සම්භවයක් ඇති අය වැඩිපුර මෙම රෝගයෙන් මිය යාම)

කොරෝනා රෝගය නිසා රෝගී වීමට වැඩි ඉඩකඩක් ඇති මවුවරුන් කවුද ?

ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, පපුවෙ අමාරුව, හතිය හෝ ප්‍රතිශක්තිය දුර්වලතා ඇති නම්,

 

තරබාරුකම,

වයස අවුරුදු 35ට වැඩි වීම

දරුගැබට සති 28 කට වඩා වැඩිවීම

 

 

ඉදිරියේදී ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් එන්නත ලබා ගත්තාට කමක් නැද්ද?

කොරෝනා එන්නත මගින් දරුඵල ලැබීමට බලපෑමක් ඇති නොකරයි. දැනට අප සමාජයේ මිථ්‍යා මතයක් මේ සම්බන්ධයෙන් ගොඩනැගී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ඔබ එන්නත ලබා ගැනීම ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම එය ලබා ගන්න.

 

බබාට කිරි දෙනවා නම් එන්නත ලබා ගත්තාට කමක් නැද්ද ?

එන්නත ලබාගැනීමට කිරි දීම නැවැත්වීම අවශ්‍ය නොවේ. මවුකිරි සමඟ එන්නතේ සංඝටක මිශ්‍රන වීමක් හෝ හානියක් ඇති නොකරයි.

 

ඉහත තොරතුරු 2021 ජූලි මස 19 වැනි දින දක්වා යාවත්කාලීන කරන ලද නවතම තොරතුරු වේ.

 

පේරාදෙණිය මහ රෝහලේ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

චාමින්ද කන්දඋඩ

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14