කොරෝනා එන්නතේ ගහලා අතුරු ආබාධ ආවොත් වන්දි ලැබෙන්නේ මෙහෙමයි

කොරෝනා එන්නත ලබා ගත් 10,000කට අධික ඔස්ට්‍රේලියා ජාතිකයෝ පිරිසක් එරට රජයෙන් වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටිති. ඔවුන් වන්දි ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කොවිඩ් එන්නත් ලබාගැනීම නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් තමන්ට අත්විඳින්නට සිදුවුණු අලාභ සහ හානි වෙනුවෙනි. වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස ඒ සඳහා දැනටමත් ලියාපදිංචි වී සිටින බව ඔස්ට්‍රේලියාවේ පළවන ‘සිඩ්නි මෝර්නින්ග්’ පුවත්පත වාර්තා කරයි.

කොරෝනා එන්නත ලබා ගැනීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදුවූ අතුරු ආබාධ නිසා තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමටත්, රෝහල්ගතව සිටින්නටත් සිදු වූ බව එකී පිරිස කියා සිටිති. එනිසා තමන්ට ආදායම් උත්පාදන මාර්ගවල නියැළෙන්නට නොහැකි වූ බවද ඔවුහු පවසන්නෝය. එන්නත් ලබා ගත් පිරිස් තමන්ට අතුරු ආබාධවලට මුහුණ දෙන්නට සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ චිකිත්සීය භාණ්ඩ පරිපාලනය නමැති ආයතනයටය. එම ආයතනයට එවැනි පැමිණිලි 7,000ක් පමණ ලැබී ඇතැයි සඳහන් වේ. එවැනි පැමිණිලි රැසක සඳහන් වන්නේ කොරෝනා එන්නත ලබා ගැනීම නිසා ඇති වූ හිස කැක්කුම් තත්ත්ව, උණ, තුවාල ඇතිවීම් ආදිය පිළිබඳවයි.

කොරෝනා එන්නත ලබා ගැනීම නිසා සිදු වූ අතුරු ආබාධ සඳහා වන්දි ගෙවීමට එරට රජයේ අවධානය යොමුව ඇත්තේ මේ පැමිණිලි කිරීම්වලින් පසුවය. ඒ අනුව එන්නත ලබා ගැනීම නිසා අතුරු ආබාධවලට මුහුණ දුන් කෙනෙකුට අවම වශයෙන් ඔස්ට්‍රේලියා ඩොලර් 5000ක පමණ වන්දියක් ලබා ගැනීමට හැකියාව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14