කොරෝනා ආසාදිතයින්ගෙන් අනාවරණ වූ නවතම හෙළිදරව්ව

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 150 – 200ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුළත් කෙරෙන අතර, සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ, ඒ කිසිවෙකුත් තෙවැනි මාත්‍රාව ලබා නොගත් පිරිස වන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ පවසනවා.

මෙම රෝගීන්ගෙන් සංකූලතා වැඩි වශයෙන් පෙන්නුම් කරන අතර, මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රොන් හේතුවෙන් හමුවන රෝගීන්ගෙන් 80%ක් පමණ නව වෛරසයට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය දිලීප් ප්‍රකාශ කළේ.

සෙසු රෝගීන් 20% දෙනා ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන් බව ද හෙතෙම සඳහන් කරනවා.

කුමන ප්‍රභේදය සමාජගත වුව ද ඊට කළ හැකි විධිමත් ප්‍රතිකර්මය වන්නේ නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳ පූර්ණ එන්නත්කරණයට ලක් වීම බව විශේෂඥ වෛද්‍ය දිලීප් වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට දුර්මතයක් ව පවතින කල් ඉකුත් වූ එන්නත් පුද්ගලයින් හට ලබාදීම යන චෝදනාව සෞඛ්‍ය අංශ වශයෙන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර, අතිරික්ත එන්නත් තොගයේ කල් පිරීම ද ලබන වසර තෙක් පවතින බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

පසුගිය සතියක කාලය තුළ මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව පෙරදාට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ වනවිට බොහෝ පිරිසක් පෙරට වඩා උනන්දුවෙන් බූස්ටර් එන්නතට යොමු වන බව දක්නට ලැබීම ද ඉතාමත් වගකීම්සහගත අයුරින් ක්‍රියාකිරීමක් බව වෛද්‍ය දීපාල් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59