කොරෝනා ආසාදිතයන් 4500 ක් මඟ හැරී ඇති බවට හෙළිදරව්වක්

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන කොරෝනා ආසාදිතයන් සම්බන්ධ සංඛ්‍යාලේඛන වල ගැටලුවක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ ආයතනය අද ප්‍රකාශ කළා.එහි සභාපති රවී කුමුදේශ් මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.මේ අතර, අදත් ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 66,211 ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේදීත් ආසාදිතයින් 536 දෙනෙකු වාර්තා වී ඇති බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.මේ අතර, විෂබීජහරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද සහ හෙට දිනවල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, කොමිෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.එසේම, ඔරුගොඩවත්තේ පිහිටි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්, ආරක්ෂක භටයින් සහ සනීපාරක්ෂක සේවකයින් ඇතුළුව 41 දෙනෙකුට මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ඒ හේතුවෙන් එම කාර්යාලයෙන් සිදුකෙරෙන සාමාන්‍ය කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇති අතර, අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ. අලව්ව නගරයේ සතිපොල ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණවලදී ද, ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33