කොරෝනා ආසාදනය වී දේශපාලකයන් සිව්දෙනෙක් මරුට

කොරෝනා ආසාදනය වීමෙන් මලාවි රාජ්‍යයේ ප්‍රධාන දේශපාලකයන් සිවුදෙනෙක් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මෙලෙස මරුමුවට පත් වී ඇත්තේ එරට මහ බැංකුවේ හිටපු සභාපති ප්‍රැන්සිස් පෙරේකටායෝ, ප්‍රවාහන ඇමැති සීදික් මියා ලින්කන් බෙරේකනාටා සහ අර්නස්ට් කැන්ටෙන්ඬේ යන පිරිසයි. මලාවි කම්කරු ඇමැතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති අතර තවත් ඇමැතිවරයකු වූ රජිද් නයාර් නිරෝධායනයට ලක්වී තිබෙනවා. පසුගිය සඳුදා මලාවි රාජ්‍යය තුළ අලූතින් කොරෝනා රෝගීන් 452 ක් සොයාගෙන ඇති අතර 10 ක් මරුමුවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්