spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආරම්භය චීනයේ සත්ත්ව ගොවිපලෙන් නොවන බව හෙලිවෙයි

කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඉකුත්දා චීනයට පැමිණියේ වෛරසයේ ආරම්භය පිළිබඳ තොරතුරු සොයා බැලීමටයි. ඒ අනුව වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් ඔවුන් නිරීක්ෂණයට ලක් කළා.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් පවසා තිබෙනවා. වූහාන් වෙළෙඳපොළ ආශ්‍රිතව වෛරසය බිහි වූ බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බවයි ඔහු සඳහන් කළේ. වූහාන් වෛරස විද්‍යායතනය හොඳින් සංවිධාන කළ ආයතනයක් බවත් ඉන් වෛරසයක් පිටවීමේ සම්භාවිතාව අඩු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ ව්ලැදිමිර් ඩෙඩ්කොෆ් වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?