කොරෝනා අස්සෙ එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ.

එබැවින් අමෙරිකානු වැසියන්ට කාබුල් ගුවන්තොටුපොළ මගහැර සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිසියම් අයෙක් ගුවන්තොටුපොළට පැමිණිය යුත්තේ සිය රජයේ නියෝජිතයෙක් විසින් කරන දැනුම්දීමකට අනුව පමණක් බව අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම්දී තිබේ.

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොලේ පිටත ප්‍රදේශය තුළ ආරක්ෂක තර්ජනයක් පවතින බවට අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

මේ අතර ජර්මනියද කාබුල් ගුවන්තොටුපොලේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට සිය පුරවැසියන්ට දැනුම්දී තිබේ.

තල‍ෙබාන් ආක්‍රමණයත් සමග රටින් පළායෑමට උත්සාහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොලේ තවමත් පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයකි.

මේ අතර ගුවන්තොටුපළේ වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

කාබුල් ගුවන්තොටුපළේ උතුරු ප්‍රවේශ දොරටුව අසලදී නාඳුනන ප්‍රහාරකයින් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඇෆ්ගන් ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අමෙරිකානු, ජර්මන් හමුදා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ සිද්ධියට මැදිව ඇති අතර, ප්‍රහාරයෙන් තවත් ඇෆ්ගන් ජාතිකයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම ආරම්භ කළේ, කුමන පාර්ශවයක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

පසුගිය සෙනසුරාදා ඇමෙරිකාව සිය පුරවැසියන්ට අනතුරු ඇඟවූයේ, ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින්, කාබුල් ගුවන්තොටුපළ ආශ්‍රීත ප්‍රදේශයේ ගැවසීමෙන් වළකින ලෙසයි.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව ජී 7 කණ්ඩායමේ රටවල නායකයින් හෙට සාකච්ඡා කිරීමට නියමිත බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

සාකච්ඡාව කැඳවා ඇත්තේ, ඇෆ්ගනිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව බටහිර සන්ධානය දැඩි විවේචනයට ලක්වෙමින් සිටින අතරතුරයි.

මානුෂීය අර්බුදයක් ඇතිවීම වළක්වා ජනතාව ආරක්ෂිතව කාබුල් නුවරින් ඉවත් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජී 7 කණ්ඩායමේ රටවල විදේශ අමාත්‍යවරුන් වීඩියෝ රැස්වීමක් පවත්වමින් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේ කාබුල් අගනුවරින් පලායන්නන්ට ආරක්ෂාකාරිව ඉවත්වීමට ඉඩසලසන ලෙසයි.

මේ අතර, සිය වැසියන් ඉවත් කරගැනීම සඳහා අගෝස්තු 31 දක්වා ලබා දී තිබෙන, අවසන් කාලසීමාව යළි දීර්ඝ නොකරන බව, තලෙයිබාන් සංවිධානය අද (23) අනතුරු අඟවා සිටියේ ය.

පෙර නිවේදනය කළ පරිදි විදේශීය හමුදා නියමිත දිනට ඉවත් විය යුතු බව අවධාරණය කළ තලෙයිබාන් සංවිධානය අවධාරණය කර සිටියේ, එසේ නොකිරීම පැහැදිලිවම එකඟතා උල්ලංඝනය කිරිමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14