‘‘කොරෝනා අවදානම ගැන මාධ්‍යයට පෙර මට කියන්න‘‘

රජයේ නිලධාරීන් හා වෙනත් වගකිවයුතු නිලධාරීන් අනවශ්‍ය ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කොරෝනා පිළිබඳව ජනතාව තුළ අනියත බියක් ඇති කිරිමට කටයුතු නොකළ යුතු බවත් යම් ප්‍රශ්නයක් ගැටලුවක් වේ නම් ඒ ගැන සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙතෙක් තමා තීරණ ගනු ලැබුවේ ද ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 21) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

සංචරණ සීමා පවතින කාල සීමාවන් හිදී ජනතා අවශ්‍යතා සපුරාලීමට සියලු පියවර ගන්නැයි ජනාධිපතිවරයා ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට මෙහිදී  උපදෙස් දුන්නේය.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බවද  ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා පාලනය සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හිදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට වග බලා ගන්නයි මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ප්‍රාදේශීයව ජංගම සේවා යොදාගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමට පියවර ගන්නැයිද අදාළ අංශවලට දැනුම් දුන්නේය.

සංචරණ සීමා පැනවෙන  කාලය තුළ කර්මාන්තශාලා හා ඖෂධ අලෙවිසල් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවැසුවේය.

රාජසන්තක කෙරුණු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ  සතොසට ලබා දෙන ලෙසටත් සතොස ගබඩාවල  සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සදහා බදවා ගත් පිරිස යොදා ගන්නා ලෙසටත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා කෘෂි කාර්මික කටයුතු, සියලු නගර වල කුණු කසළ ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කටයුතුවලට සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බවද  පැවැසුවේය.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවසරපත් නිකුත් කිරීමටත් මාර්ග මෙහෙයුම් සඳහා පොලීසියේ සහයට යුද හමුදාව යෙදවීමටත් මෙහිදී තීරණය කෙරිණ.

ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ආසාදිත සේවකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාල ආයතනවලට පවරන ලෙසට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා එන්නත් කරන වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය .

රටවල් කීපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවල දී මෙරට ලැබීමට නියමිතව ඇතැයිද  මෙම සාකච්ඡාවේදී සඳහන් විය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද  කොරෝනා මර්ධන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ශශේන්ද්‍ර  රාජපක්ෂ, මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය ඇමැතිවරු ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගයන මහත්වරුද යුද හමුදාපති ශවේන්ද සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු ද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු  සහභාගී වූහ.

– සුජිත් හේවාජුලිගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40