කොරෝනාවෙන් මලොත් රජයෙන් ලැබෙන දේ

කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප්‍රථම අදියරේදී  ඒ ඒ සභාවන්ට ලබා දීමට පියවර ගෙන ඇත. පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබේ.

සබරගමුව 488 ක්,වයඹ 391 ක්,මධ්‍යම 260 ක්,ඌව 171 ක්,දකුණ 537 ක්,උතුරු මැද 100 ක්,බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා මෙම  මුදල ලබා දී ඇත.

අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත්  පාලන ආයතන  වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දෙන ලදී.

– ප්‍රසන්න අධිකාරි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22