කොරියාව ශ්‍රී ලංකාවට දෙන සහාය අගමැතිගේ ප්‍රශංසාවට

ක්ෂේත්‍ර රැසකට ආධාර ලබාදෙමින් දකුණු කොරියාව ලබාදෙන අඛණ්ඩ සහය වඩාත් ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොරියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලී ජින්-බොක් සහ කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීත්, බුසාන් හි නාගරික අධ්‍යක්ෂ ජනරාල් යූ ජෑන්ග් චෝ මහතා අද අරලියගහ මන්දිරයේදීත් හමුවූ අවස්ථාවේදී යි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

කොරියානු ජනරජය සහ එහි පරිත්‍යාගශීලී නියෝජිතායතන මෙන්ම සංවර්ධන පදනම් ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ බොහෝ සුබසාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා වර්තමානයේ කැපී පෙනෙන මට්ටමකට වර්ධනය වන අතර දෙරටේ සහයෝගිතාවය ශාස්ත්‍රීය, විද්‍යා හා තාක්ෂණ සහ සංස්කෘතික සබඳතා ඇතුළුව ඉහළ මට්ටමක පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

කොරියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ලේකම් (දේශපාලන කටයුතු) විශේෂ නියෝජිත ලී ජින්-බොක් පැවසුවේ කොරියාව ශ්‍රී ලංකාවේ ආයෝජන, වෙළෙඳ සහ සංවර්ධන සහයෝගීතාව වැඩි කරන බවයි. තොරතුරු තාක්‍ෂණයේ තරුණ නිපුණතා සංවර්ධනය සඳහා තවදුරටත් සහාය ලබා දෙන බව පැවසූ ඔහු කොරියානු තොරතුරු තාක්ෂණ විශේෂඥයින් විසින් දැනට පවතින තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන වෙත ඉගැන්වීම් පහසුකම් ව්‍යාප්ත කළ හැකි බව ද ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර පැවසුවේ, කොරියානු සංවර්ධන ආකෘතිය සහ කොරියාවේ මානව සම්පත් ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් පිළිබඳව එරටේ පුහුණුව ලත් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් දැඩි පැහැදීමකට ලක්ව සිටින අතර ඔවුන් ඒවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන බවයි.

කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්ති මෙන්ම ධීවර ක්ෂේත්‍ර වැනි නව ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීමට කොරියාවට දැන් අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ, අපනයනය කිරීමට හැකියාව ඇති ශාකසාර ඖෂධ නිෂ්පාදනය සඳහා කොළවලින් සාරය ලබා ගැනීම වැනි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම කොරියාවට ලබාදිය හැකි බවයි.

EXPO 2030 බුසාන් හි පැවැත්වීමට ගෙන ඇති යෝජනාව සහ එහි සූදානම පිළිබඳව ද කොරියානු නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14