කොරියාවේ රැකියා සිහින පෙන්වා කතක් කෝටි ගණනක් සල්ලි ගරලා

දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශය වෙත අදාළ කාන්තාවට එරෙහිව පැමිණිලි 15ක් ලැබී ඇති අතර, රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 15 දක්වා මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් මැය ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සැකකාරිය සමඟ සූක්ෂම ලෙස දුරකථන සම්බන්ධතා පවත්වා අනතුරුව ඇයව කාර්යංශය වෙත කැඳවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (09) දින මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකාරිය විසින් දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබාදෙන බව පවවා මෙලෙස කෝටි ගණනක් මුදල් වංචාකර ඇති බවයි හෙළිව ඇත්තේ.