spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියාවේ රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂ සාකච්ඡාවක්

කුසලතා පිරි වෘත්තිකයින්ට දකුණු කොරියාවෙහි රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂ සාකච්ඡාවක් අද (05) පවත්වා තිබෙනවා.

තරුණ ප්‍රජාවගේ කුසලතා වර්ධනය කිරීම සදහා දකුණු කොරියාවේ අනුග්‍රහය යටතේ ඇකඩමියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර හා ජනාධිපති උපදේශක සාගල රත්නායක සමඟ ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විජිතවංශ නායක හිමි, FELIX TECH ආයතනයේ සභාපති ජොන්ගෝ කිම්, FELIX TECH ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජුං යොන්සුං ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?