spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොරියානු ජනපතිගේ විශේෂ නියෝජිත සහ කථානායකවරයා අතර හමුවක්

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් සිදුවී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කර තිබෙනවා. මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර මෙම දූත පිරිස හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමු වී සුහද සාකච්ඡාවක නිරත වුණා.

පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවට එක්වූ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම ද නැරඹීමට ද එක්වූ අතර, අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමඟ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?