කොරියානු ජනපතිගේ විශේෂ නියෝජිත සහ කථානායකවරයා අතර හමුවක්

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් සිදුවී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කර තිබෙනවා. මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර මෙම දූත පිරිස හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමු වී සුහද සාකච්ඡාවක නිරත වුණා.

පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවට එක්වූ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම ද නැරඹීමට ද එක්වූ අතර, අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමඟ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14