spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොමිෂන් සභා ගැන තීරණයකට ව්‍යවස්ථාදායක සභාව 09 වනදා රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 09 වනදා යළි රැස්වීමට නියමිත බව කථානායකවරයා පවසනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාවට අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත කොමිෂන් සභා වනවා.

එම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?