කොන්වේ පවුල කුළුදුල් දරුවා පිළිගැනීමට සූදානමින්

නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන ඩෙවොන් කොන්වේ (Devon Conway) හට එංගලන්තයට එරෙහිව තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අහිමි ව තිබෙනවා.

ඒ කොන්වේ සිය පළමු දරුවාගේ උපත සඳහා තරගයෙන් ඉවත් ව ඇති හෙයින්.

කිවි ක්‍රිකට් කළමනාකාරීත්වය සඳහන් කළේ; ඒ වෙනුවට මාර්ක් චැප්මන් තරගයට එක්වනු ඇති බවයි.

ඊට අමතරව විල් යන්ග් ද පැමිණෙනු ඇති.

සිය කුළුදුල් දරුවාගේ උපත වෙනුවෙන් කොන්වේ වෙලින්ටන් නුවර ම රැඳී සිටින බවත් වාර්තා වනවා.

සංචාරක එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 02ම නවසීලන්තයට පරාජයට පත්වීම සිදු වුණා.

නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පැවසුවේ කොන්වේගේ තීරණයට සිය කණ්ඩායම සහාය දුන් බවයි.

ස්ටෙඩ් වැඩිදුරටත් සඳහන් කළේ;

” ක්‍රීඩාව සහ පවුල අතර තීරණවල දී පවුල ප්‍රධානයි. ඩේව් සහ ඔහුගේ බිරිඳ කිම් ඔවුන්ගේ පළමු දරුවා පිළිගැනීම වෙනුවෙන් අපි සැවොම සතුටු වනවා..” යනුවෙන්.

ඩෙවොන් කොන්වේ වෙනුවෙන් මාර්ක් චැප්මන්ගේ පැමිණීම හොඳ තීරණයක් බවයි ස්ටෙඩ් සිය කණ්ඩායම ගැන වැඩිදුරටත් පැවසුවේ.

මාර්ක් ඉන්දියාවට එරෙහිව ආකර්ෂණීය ලකුණු 276ක් ලබා ගැනීම හේතුවෙන් මෙම අවස්ථාව ඔහුට වඩාත් වාසිසහගත විය හැකි බවට ද හෙතෙම පවසනවා.

ඩෙවොන් පවුලට මීට පෙර සිය කුළුදුල් ගැහුණු බිළිඳියව අහිමි වූ අතර; ඉන් අනතුරුවයි මෙම වාසනාවන්ත දරු උපත ඔවුන්ට හිමිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56