spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොන්වේගේ ආබාධයෙන් චෙන්නායි පිළට විශාල පාඩුවක්

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේට මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග රැසක් අහිමිව යන බව වාර්තා වනවා.

මෙට කොන්වේ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ආබාධයක් හේතුවෙන් ඔහුගේ වම් මාපටැඟිල්ලේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇත්තේ සති 08ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව විවේක ගන්නා ලෙසයි.

ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඩෙවොන් කොන්වේ මෙලෙස ආබාධයකට ලක් වුණා.

ගුජරාට් ටයිටන්ස් පිළ සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති 2023 අයි.පී.එල් අවසන් මහා තරගයේ විරය බවට පත්වෙමින් කොන්වේ චෙන්නායි පිලේ ජයග්‍රහණය වැඩි දායකත්වයක් ලබා දුන්නා.

අයි.පී.එල් මෙගා වෙන්දේසියේදී චෙන්නායි පිළ ඉන්දීය රුපියල් කෝටියකට ඩෙවොන් කොන්වේව 2022 වසරේ දී සිය කණ්ඩායම සමඟ එක්කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?