කොන්වේගේ ආබාධයෙන් චෙන්නායි පිළට විශාල පාඩුවක්

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේට මෙවර අයි.පී.එල්. තරගාවලියේ මූලික වටයේ තරග රැසක් අහිමිව යන බව වාර්තා වනවා.

මෙට කොන්වේ ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ආබාධයක් හේතුවෙන් ඔහුගේ වම් මාපටැඟිල්ලේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇත්තේ සති 08ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව විවේක ගන්නා ලෙසයි.

ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඩෙවොන් කොන්වේ මෙලෙස ආබාධයකට ලක් වුණා.

ගුජරාට් ටයිටන්ස් පිළ සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති 2023 අයි.පී.එල් අවසන් මහා තරගයේ විරය බවට පත්වෙමින් කොන්වේ චෙන්නායි පිලේ ජයග්‍රහණය වැඩි දායකත්වයක් ලබා දුන්නා.

අයි.පී.එල් මෙගා වෙන්දේසියේදී චෙන්නායි පිළ ඉන්දීය රුපියල් කෝටියකට ඩෙවොන් කොන්වේව 2022 වසරේ දී සිය කණ්ඩායම සමඟ එක්කර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14