spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් ටෙස්ට් පිළේ අලුත්ම තරුවට ලොව ප්‍රමුඛ 20-20 ලීග් තරගාවලියකට ඇරයුම්

ඕස්ට්‍ර්ලියානු බිමේ දී වසර 27 කට පසු ටෙස්ට් තරගයක ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට උරුමකර දුන් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ෂමර් ජෝශප් පාකිස්ථාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සමඟ එක්වන බව වාර්තා වනවා.

ඔහු එම තරගාවලිය වෙනුවෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගුස් ඇට්කින්සන් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස ෂමර් ජෝශප් මෙලෙස පෙෂාවර් සල්මි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා ගැබා හී නිමා වූ ඕස්ට්‍ර්ලියාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තියුණු ජයක් හිමිකරදීමට මෙම යොවුන් වේගපන්දු යවන්නාට හැකියාව ලැබුණා.

මේ වනවිට 24 වන වියේ පසුවන ජෝශප් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග දෙකක් පමණයි.

එහිදී ඔහු ටෙස්ට් කඩුලු 13ක් බිද දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?