කොදෙව් ටෙස්ට් නායකත්වයට චේස්

බටහිර ඉන්දීය කොදෙව් නව ටෙස්ට් නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබෙනවා.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වනවිට කොදෙව් දේශය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 49 කට ක්‍රීඩාකර ඇති අතර, ඔහු නායකයා ලෙස ක්‍රීඩාකරන පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වනු ඇති.

රොස්ටන් චේස් අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2023 වසරේ මාර්තු මාසයේදීයි.

ඒ, අනුව වසර දෙකකට වැඩි කාලයක් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර නොමැති අතර, එම කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 13 කට ක්‍රීඩා කර තිබෙනවා.

චේස් මීට පෙර එක්දින සහ විස්සයි විස්ස තරගවල දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවා ඇති අතර, ටෙස්ට් ආකෘතියේ ඔහුගේ පළමු අභියෝගයට ලබන ජුනි 25 වනදා බ්‍රිජ්ටවුන් හි මුහුණදීමට නියමතයි.

ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14