කොදෙව්වෝ ඉදිරියේ ඉන්දියානුවන්ට 20-20 තරගාවලියේ දී අමිහිරි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට දෙකක් ලෙස ශූරතාව හිමිකර ගන්නට කොදෙව්වන්ට ඊයේ (13) හැකියාව ලැබුණා.

ලෝඩර්හිල් හිදී පැවති අවසන් විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 165ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙම තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු යුගළයට සාර්ථක වීමට දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හොසේන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඉන්දීය ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට සූර්යකුමාර් යාදව් පත් වූ අතර, ඔහු පන්දු 45ක් තුළ ලකුණු 61ක් රැස් කළා.

ඊට අමතරව ඉන්දීය කණ්ඩායමට කැඳවීමෙන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින තිලක් වර්මා ලකුණු 27ක් රැස්කළේ පන්දු 18ක් පමණක් වැය කරමින්.

අනෙක් කිසිඳු පිතිකරුවෙකුට හෝ ලකුණු 15 සීමාවට පැමිණීමට කොදෙව් පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 04ක් බිඳ දැමූ අතර, අකේල් හොසේන් සහ ජේසන් හෝල්ඩර් අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ ගමන ඇරඹු කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් ලබාදීමට බ්‍රැන්ඩන් කිං සමත් වුණේ නොදැවී ලකුණු 85ක් රැස්කරමින්.

ඔහු සමඟින් සාර්ථක සබඳතා දෙකක් මෙම තරගයේ දී ගොඩනැගුනු අතර, නිකලස් පූරන් සහ ෂායි හෝප් ඒ සඳහා දායක වුණා.

එහිදී නිකලස් පූරන් ලකුණු 47ක් සහ ෂායි හෝප් නොදැවී ලකුණු 22ක් රැස්කළා.

ඒ, අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු පන්දුවාර 18ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර ගියා.

කොදෙව් පිළිතුරු ඉනිම බිඳ දැමීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ඔහු සමඟ තවත් පන්දු යවන්නන් හත්දෙනෙකු යොදවා ගැනීමට කටයුතු කළ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, කෙසේ වෙතත් කොදෙව් ජයග්‍රාහී පිළිතුරු ඉනිම අවසන්කර දැමීමට ඔවුන් කිසිවෙකුටවත් අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඒ අනුව මෙම තරගයේ ජය කඩුලු 08කින් බටහිර ඉන්දීය කොදෙව්වන් සතු වුණා.

තරගයේ වීරයා ලෙස රොමාරියෝ ෂෙපර්ඩ් සම්මාන හිමිකරගත් අතර, තරගාවලියේ වීරයා බවට පත් වුණේ කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්.

මෙම තරගාවලියේ පළමු තරග දෙක කොදෙව්වන් ජයගත් අතර තුන්වන සහ සිව්වන තරගවල ජය ඉන්දියාව සතු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
11
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23