කොදෙව්වන් ශ්‍රී ලංකාවේ වාර්තාවක නවතියි – ලකුණු 134ක දැවැන්ත ජයක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාවක් සම කරන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට අද හැකියව ලැබුණා.

ඒ, විස්සයි විස්ස ලෝක කුසලාන තරගයක ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින්.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ උගන්ඩාව අතර අද (09) පැවති තරගයේ දී කොදෙව් පන්දු යවන්නන් විසින් උගන්ඩා පිළිතුරු ඉනිම ලකුණු 39කට සීමා කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 173ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් ලකුණු 44ක් රැස්කළ අතර ඇන්ඩ්‍ර රසල් පන්දු 17ක දී නොදැවී ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරු පිළිතුරු ඉනිම ආරම්භ කළ උගන්ඩා කණ්ඩායම පන්දුවාර 12ක් තුළ ලකුණු 39කට සීමා කරන්නට අකේල් හොසේන් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී අකේල් හොසේන් උගන්ඩා පිළිතුරු ඉනිම සුණු විසුණු කළේ පන්දුවාර 04 තුළ ලකුණු 11ක් ලබාදී කඩුලු 05ක් බිඳ දමමින්.

ඒ, අනුව මෙම තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 134ක දැවැන්ත ජයග්‍රහණය හිමිකර ගත්තා.

ලකුණු 39කට සීමා වූ උගන්ඩා ඉනිම විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සමතැන ගත්තා.

මීට පෙර ලෝක කුසලාන තරගයක දී නෙදර්ලන්තය 2014 වසරේ දී ලකුණු 39කට සීමා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14