කොත්මලේ වෑතලාව ගම්මානය ම අද්භූත ශබ්දයකින් බියෙන් ඇළලෙයි (වීඩියෝ)

කොත්මලේ – හැදුණුවැව ප්‍රදේශයේ පානීය ජලය ලබාගත් ජල මුලාශ්‍ර හදිසියේ ම සිඳී ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ; වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයේ පොළොව යටින් ඇසෙන අද්භූත, භයංකාර ශබ්දයන්ගෙන් මේ දිනවල ගම්වාසීන් භීතියෙන් ඇළලී ගොස් ඇති බවයි.

මෙම ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට දෛනික පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ සිඳීයාම පුදුමසහගත කරුණක් බවත්; මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දින 4ක් නිදි වර්ජිතව විසඳුම් සොයන්නට දිවා – ‍රෑ එක් තැනකට එක් ව සාකච්ඡා කරන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

මේ පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලගොඩ පැවසුවේ.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේ කොත්මලේ – හැදුණුවැව, වෑතලාව ප්‍රදේශයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවකට අද දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ පොදු ක්‍රීඩා භූමියේ පොළොව අභ්‍යන්තරයෙන් වැසි සහිත කාලවල දී ඇසෙන ඉතාමත් බියකරු ශබ්දයෙන් පීඩා විඳින ජනතාවගේ ඉල්ලීමට අනුව ඔවුන් හට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරදීමේ අරමුණෙන් අදාළ භූමි ප්‍රදේශය මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට භාජනය කර ඇති බවයි.

නමුත් එම පරීක්ෂණවලින් හෙළි ව ඇත්තේ කිසිදු අනතුරුදායක හෝ ආපදා තත්ත්වයක් පිළිබඳ ව සාක්ෂි වාර්තා වී නොමැති අතර; කඩිනමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය ලවා මේ ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.

මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් ද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එම ස්ථානයේ මුල් කාලයේ දී වැවක් ව තිබුණු ස්ථානයක් බවත්; 2013 වර්ෂයේ දී පස් පුරවා ක්‍රීඩාංගණයක් බවට පත් කළ බවත්; වෑතලාව ක්‍රීඩාංගණය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ ඇතිවන ඝෝෂාකාරී ශබ්දයක් නිකුත් වීමේ සිද්ධිය සම්බන්ධ ව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පූඩළුඔය පොලීසිය, ග්‍රාමසේවා නිලධාරිවරයා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ කොත්මලේ වේල්ල භාර ව කටයුතු කරන නිලධාරීන් සමග සිද්ධිය සිදුවන ස්ථානයට ගොස් පරීක්ෂණ කළ ද මහජනතාව ඉන් සෑහීමකට පත් නොවුණු බවයි.

ඒ හේතුවෙන් ගම්වැසියන්ගේ බිය තුරන් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි භූ විද්‍යා හා පතල් කැණීම් ඒකකයට එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍රීක්ෂණයක් පැවැත්වීමට ලිපියක් යොමුකර ඉදිරි
කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් වාර්තා වනවා.

2 5
5 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04