spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ස්ථානයක් වටලයි

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ගබඩාවක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එම වැටලීමේදී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ 2125ක් ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝ 8275ක් සහ සල්ෆර් පවුඩර් කිලෝ 225ක් සොයාගෙන තිබෙනවා.

ඒවා අලෙවි කිරීම සඳහා ගබඩා කර සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

44 හැවිරිදි සැකකරු කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?