කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ස්ථානයක් වටලයි

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන ගබඩාවක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එම වැටලීමේදී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ 2125ක් ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝ 8275ක් සහ සල්ෆර් පවුඩර් කිලෝ 225ක් සොයාගෙන තිබෙනවා.

ඒවා අලෙවි කිරීම සඳහා ගබඩා කර සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

44 හැවිරිදි සැකකරු කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14