කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන ජනාධිපතිවරයා ගත් තීරණය මෙන්න

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්, සිදු කෙරෙන සංශෝධනවලින් අනතුරුව එම විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකයන් මුණගැසීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේය රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වන බවයි.

එය අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40 කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ සමත් දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද ඒ යටතට ගෙන එන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යවනා දෙමව්පියන්ට අහිමිවන විශාල මුදලක් මේ ආකාරයේ ඉහළ ප්‍රමිතියෙන් යුත් විශ්ව විද්‍යාල රට තුළ බිහි කිරීම හරහා රටේ ඉතුරු කර ගත හැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් ද මෙම හමුවට එක් වී සිටියා

12356 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39