කොටහේන වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි – ⁣ක්ලෝරියන්ගේ කල්ලිය සිදුකළ බවට තොරතුරු

කොටහේන පොලිස් වසමේ මෙෆීල්ඩ් පාර ප්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පස්වරු 7.30 පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ කොළඹ 13, ජම්පටා වීදිය ලිපිනයේ පදිංචි කැනිස්ටන් නේටෝ නැමැති පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩුකන්නා නැමැති පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුගාමිකයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ටී- 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකුවන පලනි ශිරාන් ⁣ක්ලෝරියන් යන අයගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

දෙපාර්ශ්වය අතර කලක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටහේන පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13