කොටහේන වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමේ තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ පාතාල කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පිරිමි පුද්ගලයා සහ කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

තුවාලකරු වයස අවුරුදු 42ක් හා තුවාලකාරිය වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා පූකුඩුකන්නා නැමැති මත්ද්‍රව්‍ය ජාවටම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20