UPDATE: කොටහේනේ වෙඩි පත්තු වෙයි – රෝහල්ගත කළ තැනැත්තා මියයයි

කොටහේනේ දී අද (10) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමට යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයින් දෙදෙනකු පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි ජම්පටා වීදියේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීම T56 ගිනි අවියකින් සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.


කොටහේන, බෙනඩික්ට් මාවතේ වෙඩිතැබීමක් සිදු ව තිබෙනවා.

අද (10) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්