කොටහැර පොඩ්ඩාට වෙඩි තැබීමට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට

කොස්ගමදී කොටහැර පොඩ්ඩා නමැත්තාට වෙඩි තැබීමට සහ රථවාහන මංකොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසනවා.

සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ඩුබායි හි සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල ක්‍රියාකාරිකයාගේ අපරාධ කරනු ලබන පිරිසක් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කඩවත ප්‍රදේශයේ දී වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් මංකොල්ල කා මීගොඩ ප්‍රදේශයට රැගෙන විත් තිබීයදී එම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරුවන් දෙදෙනෙකු කොස්ගම වෙඩි තැබීමට අනුබලදීමට සම්බන්ධ බවට අනාවරණය වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත කඩවත, නවගමුව, අතුරුගිරිය, අවිස්සාවේල්ල, කිරුලපන, කොටිකාවත්ත ප්‍රදේශවල දී මංකොල්ල කෑ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්, ත්‍රී රෝද රථ තුනක් සහ යතුරුපැදි තුනක් සොයා ගැනීමට හැකි වූ බවත් අප වාර්තාකරු පැවසුවා.

මෙලෙස සොයා ගත් යතුරුපැදි ත්‍රීරෝද රථ සහ මෝටර් රථය අපරාධ සඳහා යොදා ගැනීමට විවිධ ස්ථානවල සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇති අතර එම අංක තහඩු ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක, තුන්නාන, අමිතිරිගල, රුවන්වැල්ල, හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

අදාළ සැකකරුවන් සිව් දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14