spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොටලීය පාලම අසල තවත් අනතුරක් (ඡායාරූප)

මනම්පිටිය කොටලීය පාලම අසලින් ලොරියක් ගඟට පෙරලීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අද අලුයම සිදු වූ මෙම අනතුරින් ලොරියේ රියදුරාට සහ රිය සහායකයාට අනතුරක් සිදුවී නැහැ.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ පිහිටි කොටලීය පාලම අසලින් පසුගිය ජුලි මස 9 වනදා ද බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද අලුයම අනතුරට ලක්ව තිබුණේ කුරුණෑගල සිට සමන්තුරේ ප්‍රදේශය දක්වා ගෘහ භාණ්ඩ රැගෙන යමින් තිබූ ලොරියක්. ගඟේ ජලය අඩු වී තිබීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට හැකිවූ බවයි රියදුරා සහ රිය සහායකයා කියාසිටියේ.

පාලම අසලදී වාහනවල වේගය අඩු කිරීමට දමා ඇති බාධකය නිසි පරිදි දර්ශනය නොවීම හේතුවෙන් අනතුර සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් විශාල අනතුරක් වීමට පෙර මෙම පාලම පුලුල් කර දෙන ලෙසටයි.

කොටලීය පාලම කැඩි ගියහොත් උතුරු මැද හා නැගෙනහිර පළාත් අතර ප්‍රවාහන කටයුතු ද සම්පුර්ණයෙන් බිඳ වැටෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?