කොටලීය පාලම අසල තවත් අනතුරක් (ඡායාරූප)

මනම්පිටිය කොටලීය පාලම අසලින් ලොරියක් ගඟට පෙරලීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අද අලුයම සිදු වූ මෙම අනතුරින් ලොරියේ රියදුරාට සහ රිය සහායකයාට අනතුරක් සිදුවී නැහැ.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ පිහිටි කොටලීය පාලම අසලින් පසුගිය ජුලි මස 9 වනදා ද බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද අලුයම අනතුරට ලක්ව තිබුණේ කුරුණෑගල සිට සමන්තුරේ ප්‍රදේශය දක්වා ගෘහ භාණ්ඩ රැගෙන යමින් තිබූ ලොරියක්. ගඟේ ජලය අඩු වී තිබීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට හැකිවූ බවයි රියදුරා සහ රිය සහායකයා කියාසිටියේ.

පාලම අසලදී වාහනවල වේගය අඩු කිරීමට දමා ඇති බාධකය නිසි පරිදි දර්ශනය නොවීම හේතුවෙන් අනතුර සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් විශාල අනතුරක් වීමට පෙර මෙම පාලම පුලුල් කර දෙන ලෙසටයි.

කොටලීය පාලම කැඩි ගියහොත් උතුරු මැද හා නැගෙනහිර පළාත් අතර ප්‍රවාහන කටයුතු ද සම්පුර්ණයෙන් බිඳ වැටෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15