කොටදෙණියාවේ අතුරුදහන් වූ දරුවන් දෙන්නා ගැන ලැබුණු හෝඩුවාව – පොලිස් වාර්තාව එළියට

කොටදෙණියාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ කුඩා ළමුන් දෙදෙනා මීරිගම නගරයේදී හමුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේදී බවට හෙළිවී තිබෙනවා. 

එම වෙළඳසැලේ කාන්තාව විසින් මෙම ළමුන් දෙදෙනා නිවසට කැඳවාගෙන ගොස් ආහාරපාන ලබාදී තොරතුරු විමසීමක් කර අද (06) උදෑසන මීරිගම පොලිසියට භාරදී තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම ළමුන් කොටදෙණියාව පොලිස් වසමේදී අතුරුදන් වූ ළමුන් දෙදෙනා බවටයි. 

පසුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොටදෙණියාව පොලිසියට භාරදී තිබෙනවා. 

කොටදෙණියාව පොලිස් වසමේ බාඳූරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන ළමුන් දෙදෙනා අතුරුදන්ව ඇති බවට පසුගිය නොවැම්බර් මස 23 වනදායි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ. 

අනතුරුව ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පැතූ අතර ළමුන් දෙදෙනාගේ ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කෙරුණා. දින 43 කට පසුවයි අනතුරුව ඔවුන් හමුවුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, දරුවන් දෙදෙනා අතුරුදන්ව සිටි කාලය තුල ඔවුන් රැදී සිටි ස්ථාන සහ අතුරුදන් වූ ආකාරය අනාවරණ කර ගැනීම සඳහා සම්බන්ධයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක බවයි. 

පොලීසිය මොවුන්ගේ ඡායාරූප සහ තොරතුරු අවස්ථා දෙකකදී මාධ්‍ය වෙත නිකුත් කළ ද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා. දරුවන්ගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ද පරස්පර ප්‍රකාශ නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07