“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය ඝාතනය කරනවා නම් නිහඬව පැත්තකට වෙලා ඉන්නෙත් නැහැ…”

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“ඇතුළේ ඉන්න මනුස්සයාගෙ සැබෑ ස්වරූපය දකින්න
කාලාන්තරයක් ගත වෙනවා.”

ඇය කලා අඹරෙහි පුවත් මවන්නියක්. විලාසිතා ලෝකයට නව නිර්මාණ හදුන්වා දෙන්නියක්. ජීවිතයේ හැලහැප්පීම් දරාගෙන ගින්දරෙන් අළු වී පන්නරය ලද ෆීනික්ස් කිරිල්ලියක්.

කලාවෙන් තරමක් අෑත්වී ව්‍යාපාර ලෝකයේ නව පියවරක් ඉදිරියට තැබූ ඇය උදාරි කෞශල්‍යායි.

මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්…

කොහොමද මේ දවස්වල ජීවිතේ?
ව්‍යාපාර කටයුතුත් සමඟ මේ දිනවල තරමක් කාර්යබහුලයි.

ව්‍යාපාර කටයුතු ගැන කිව්වොත්?
My Dear Clothing කියලා කාන්තා ඇදුම් සම්බන්ධ ව්‍යාපාරයක් මම කරගෙන යනවා. එය ආරම්භ කරලා වසරකටත් අඩු කාලයක් වුණත් හොඳ ප්‍රගතියක් මේ වන විට තිබෙනවා. එහි ව්‍යාපාරික පිරිස මේ වන විට ලක්ෂය ඉක්මවා හමාරයි.

කලාවෙන් තරමක් අෑත් වුණේ ඇයි?
කොරෝනා සමයේ සෞඛ්‍ය ආරක්ෂිත හේතූන් මත කිසිදු ආරාධනාවක් භාරගත්තේ නැහැ. එකී කාලයේදී අන්තර්ජාලය හරහා කුඩාවට මගේ ව්‍යාපාරය ආරම්භ කළා. එය නොසිතපු විධියට මිනිසුන් අතරට ගියා. ඒ නිසා කලාවෙන් පුංචි ඉන්ටවල් එකක් ගන්න මං තීරණය කළා.

කලාවෙන් විරාම ගැනීම ජනප්‍රියත්වයට බාධාවක් නොවේද?
මිනිසුන්ගේ හදවතට දැනෙන නිර්මාණවලට අප දායක වුණා නම් මිනිසුන්ට අපව අමතක වෙන්නේ නැහැ. විරාමයක් ගෙන මිනිසුන් අතරට යන පළමු කෙනාත් මම නෙවෙයි. මගෙ පළමු ටෙලි නිර්මාණ තුළින් ලැබූ ජනප්‍රියත්වය තවමත් එලෙසමයි. එතැනින් ආරම්භ කළ අවුරුදු දහයක කලා ගමනක ඉතිහාසය තුළ මා වැලඳගත් ප්‍රේක්ෂක ජනතාව තවමත් මා වටා සිටිනවා. ඒ නිසා විරාමය තුළ ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.

නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු කොහොමද?
නර්තන පන්ති ඔන්ලයින් සිදුකරනවා. ප්‍රිය සම්භාෂණ, සංගීත ප්‍රසංග ආදී විනෝදාත්මක අංශයන් තාවකාලිකව නවතා තිබෙන නිසා නර්තන කණ්ඩායමේ වැඩකටයුතු මේ දිනවල තාවකාලිකව නවතා තිබෙනවා .

Travel කරන්න, අලුත් අලුත් කෑම අත්හදා බලන්න ලොකු කැමැත්තක් දක්වනවා නේද?
Instagram Page එකේ මං ගොඩක් වෙලාවට ව්‍යාපාර ප්‍රවර්ධන වැඩකටයුතු සිදු කරනවා. ගොඩක් අය හිතන්නේ මම කෑම අත්හදා බලන කෙනෙක් කියලා. නමුත් ඒවා ප්‍රමෝෂන් ඉවෙන්ට්ස් විතරයි.

ජනප්‍රියත්වය තුළ බාහිර පෙනුම නඩත්තු කරන්න ලොකු වෙහෙසක් දරනවාද?
මං බාහිර පෙනුමට අවධානය නොදෙන තරම්. වතුර පානය කිරීම, ස්වභාවික සත්කාර කිරීම හැරුණු කොට ක්‍රීම් එකක්වත් මං පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා සාපේක්ෂව බාහිර පෙනුම වෙනුවෙන් දක්වන වෙහෙස ඉතාමත් අඩුයි.

දික්කසාදය තුළ බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කරන්නේ කාන්තා පාර්ශ්වයට. ඒ චෝදනා, මඩ ප්‍රහාර ඔබ දරාගත්තේ කොහොමද?
එය සමාජයේ පොදු ලක්ෂණයක්. වරදක් තිබුණත් නැතත් එහි වැරදිකාර පාර්ශ්වය බවට පත්වන්නේ කාන්තා පාර්ශ්වය පමණයි. සත්‍ය සිදුවීම බොහෝ දෙනෙක් දන්නවා. ගොසිප් හදන්නේ එකී නොදන්නා පිරිසයි. කලා ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී නම් මඩ ප්‍රහාරවලට ගොඩක් දුක් වුණා. නමුත් දැන් ඒ සියලු අපහාස, චෝදනා සාමාන්‍යකරණය වෙලා. මං නොකියපු දේවල් කිව්වා වගේ පළ කර තිබුණා. මට දැන් ගොසිප් ගැන හිතමින් නාස්ති කරන්න කාලයක් නැහැ. මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. මොකද මට කාගෙවත් අනුකම්පාව අවශ්‍ය නැහැ.

එසේ මුනිවත රැකීම තුළ නිරායාසයෙන්ම වැරැදිකාර හැඟීම ඔබ මත පැටවෙනවා නේද?
මට ගොඩක් දරුණුවට ගොසිප් නිර්මාණය වුණේ නැහැ. එසේ දරුණුවට මගේ චරිතය ඝාතනය කරනවා නම් මං නිහඬව පැත්තකට වෙලා ඉන්නෙත් නැහැ. නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න තරම් චෝදනා තවම මට එල්ල වී නැහැ.

ඔබ අතීතයෙන් උගත් පාඩම මොනවාද?
ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. මං ගත්ත ඩිගි්‍රයට වඩා හොඳම අධ්‍යාපනයක් ලබා ඩිගි්‍රයක් ලබාගත්තේ මිනිසුන්ගෙන් ලැබූ අත්දැකීම්වලින්. අපි ගොඩක් වෙලාවට මිනිසුන්ව මනින්නෙ බාහිර පෙනුමෙන්. වෙස් මුහුණු බැඳන් සිටින මිනිසුන්ට අපි රැවටෙනවා. මං දෙන එකම ඔවදන කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා කියලා. මොකද ඇතුළේ ඉන්න මනුස්සයාගෙ සැබෑ ස්වරූපය දකින්න කාලාන්තරයක් ගත වෙනවා. මිනිසුන් බාහිරින් පෙනෙන ස්වරූපයට වඩා එයාලගේ ඇතුළාන්තය ගොඩක් දරුණු වගේම භයානකයි.

ව්‍යාපාරය තුළින් ජීවිතයේ අලුත් පියවරක් තැබුවා වගේම අලුත් ආදර කතාවකටත් මුලපුරන්න අදහසක් නැද්ද?
විවාහය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මං ඒ සම්බන්ධයෙන් හදිසි වෙන්නෙත් නැහැ. පළමු විවාහයේදී මං හදිසි වුණා. විවාහයක් ගැන හිතේ සැලැස්මක්වත් නැති නිසා විවාහ වෙනවාද නැද්ද කියන කාරණාවත් තවම නිශ්චිත නැහැ.

කලාවෙන් ආර්ථික ස්ථාවරයකට පැමිණීමට නොහැකි නිසාද ව්‍යාපාරයකට අතගැසුවේ?
නැහැ. මම ව්‍යාපාරය පටන් ගත්තේ කොවිඩ් සමයේදීයි. ඒ කාලයේදී කලා කටයුතුවලට සම්බන්ධ වීමට අවකාශ තිබුණේ නැහැ. මං කිසිම දිනක කලාව වෘත්තියක් විදිහට සිදු කළේ නැහැ. එයට හිතේ තියෙන කැමැත්ත හා ආදරය නිසයි කලා කටයුතුවල මම නිරත වුණේ.

රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
චිත්‍රපටවලට නොකඩවා ආරාධනා ලැබුණා. නමුත් මම ටිකක් ඒ වැඩකටයුතු ප්‍රමාද කළා. ඉදිරියේදී කලා නිර්මාණ තුළින් මාව දැකගන්න ලැබේවි.

අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ ළඟම හීනය ව්‍යාපාර ආයතනයකට ගිහින් මගේ ව්‍යාපාරය පුළුල් කිරීමයි. වසරක් වැනි සුළු කාලයකින් ලක්‍ෂයක් තරම් පාරිභෝගික පිරිසක් එක්කර ගැනීම එතරම් පහසු දෙයක් නෙමෙයි. ඒ ව්‍යාපාරය ආරම්භක අවධියේදී මෝස්තර නිර්මාණය පටන් ඇදුම් ඇසිරීම වැනි කාර්යයන් පවා සිදු වුණේ මගේ අතින්. මේ වෙනකොට මගේ ව්‍යාපාරය නිසා යම් පිරිසකට රැකියාවන් දීමට පවා අවකාශ ලැබී තිබෙනවා. එය තවදුරටත් පුළුල් කිරීමයි මගේ එකම බලාපොරොත්තුව.

උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32