කොකේන් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදේශීක කාන්තාවකගෙන් හෙළිදරව්වක්

කටුනායක ගුවන් තොටුපළේදී කොකේන් කිලෝ 4කට අධික ප්‍රමාණයක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයට බ්‍රසීලයේදී කාන්තාවක් විසින් මත් ද්‍රව්‍ය ඇතුලත් බෑගය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවට රැගෙන යන ලෙසට ඉල්ලීමක් කරමින් බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ සඳහා ඇයට ඇමෙරිකානු ඩොලර් 1300ක මුදලක් ලබාදෙන බවට අදාළ බෑගය ලබාදුන් කාන්තාව ප්‍රකාශ කර තිබූ බව සඳහන්.

ඊයේ (28) වන දින ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි 25 හැවිරිදි මෙම විදේශීය කාන්තාව කොකේන් කිලෝ 4 යි ග්‍රෑම් 631ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ලැබුණු තොරතුරක් මත ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැටලීමක් සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම බෑගයේ මත්ද්‍රව්‍ය පොඟවන ලද කලු පැහැති රෙක්සින් සහිත ලේයරයක් ලෙස සූක්ෂමව සඟවා තිබියදී කොකේන් තොගය සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා බ්‍රසීල ජාතික කාන්තාවක් එම බෑගය තමාට භාරදුන් බවට සැකකාරිය පාපොච්චාරණය කර ඇති අතර, එම බෑගය ශ්‍රී ලංකාවේදී පුද්ගලයෙකු විසින් ලබාගෙන ඇමෙරිකානු ඩොලර් 1300ක මුදලක් ලබාදෙන බවටද තමන් දන්වා ඇති බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27