කොකේන් ගුලි ගිල ආ උගන්ඩා ජාතිකයා ගුවන්තොටේ දී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන දිවයිනට පැමිණි විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර, ඒ අනුවයි මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු උගන්ඩාවේ කම්පාලා නුවර සිට දෝහා වෙත පැමිණ, කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරණ ගුවන් යානයෙන් ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර විදෙස් ජාතිකයා ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමේ දී ඔහුගේ උදරයේ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඔහුව මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර, එහිදී විරේක බෙහෙත් ලබාදෙමින් කොකේන් ගුලි 45 ක් උදරෙයෙන් පිටතට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46