spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොක් 31 වැනි එක්දින අර්ධ ශතකයට හිමිකම් කියයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 10 වැනි තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ ලක්නව් නුවරදියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

ඒ ඇරයුමෙන් පිතිකරණය ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට කිසිවෙකු නොදැවී ලකුණු ක් ලබා සිටිනවා.

එහිදී හැඩකාර අර්ධ ශතකයක් තමන් නමින් ලියා ගැනීමටයි ක්වින්ටන් ඩි කොක් (Quinton de Kock) සමත් වූයේ.

කොක්ගේ මෙම අර්ධ ශතකය ජාත්‍යන්තර එක්දින පිටියේ 31 වැන්න ලෙසටත් ඉතිහාසගත වනවා.

මෙම ලකුණු 50 ලබා ගැනීමට කොක්ට වැය වූ පන්දු ගණන 51ක්.

ඊට හතරේ පහර 05 ක් සහ හයේ පහර 02 ක් ඇතුළත්.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන්නේ 16 වැනි පන්දු වාරය වන අතර, ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව කිසිවෙකු නොදැවී ලකුණු 88ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?