spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කේරළ ගංජා හදන ගංජා වගාවක් තණමල්විලින් හමුවෙයි

කේරළ ගංජා නිෂ්පාදනය සඳහා වගා කරනු ලැබූ ගංජා වගාවක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව තිබෙනවා.

තණමල්විල ප්‍රදේශයෙන් මෙවැනි ගංජා වගාවක් හමුවී ඇත්තේ පළමු වතාවට බවටයි අනාවරණ වී ඇත්තේ.

තණමල්විල ගඟේ යාය ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එම වගාව බඩඉරිඟු වගාවක් මුවාවෙන් ඉතාමත්ම සූක්ෂමව තාක්ෂණය යොදාගෙන වගා කර තිබී ඇති බව සඳහන්.

එහි තිබී උස අඩි 7කට වඩා උස කේරළ ගංජා ගස් 628ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ගංජා වගා කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?