කේරළ ගංජා සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

කේරළ ගංජා සමග පුද්ගලයෙකු ගෝනහේන විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම මීගමුව – ගල්කන්ද හන්දියේ සිට මිනුවන්ගොඩ දෙසට මීටර් 100ක් පමණ දුරින් සිදු කර ඇත්තේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී, ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 107ක් සොයාගෙන තිබෙනවා.

මොහු මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදියි කටියල – දෙමන්හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ.

සැකකරු 38 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.