කේරළ ගංජා කිලෝ 10ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක පමණ තොගයක්, සහ සැකකරුවෙකු සමග යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (06) රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ප්‍රදේශයේ කුඹුරු යායක සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම කුඹුරු යායේ සඟවන ලද පාර්සල් 05ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක පමණ තොගයක් සොයා ගැනුණා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3කට අධික වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

වයස අවුරුදු 20ක් වන සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ කේරළ ගංජා තොගය මෙන්ම යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා රාමනාදපුරම් පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06