කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක කේන් විලියම්සන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ටිම් සවුති පත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඔහුගේ නායකත්වය යටතේ 2021 වසරේ පැවති ප්‍රථමවරට පැවති ලෝක ටෙස්ට් ශූරතාවය දිනාගැනීමට නවසීලන්තය සමත් වුණා.