කෙහෙළිය රඹුක්වැල්ල වරද පිළිනොගනී

රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ සියසේවාදායකයින් වරද පිළිනොගන්නා බවයි.

එමෙන්ම පළමු වන විත්තිකරු වන කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් විශේෂ විත්තිවාචිකයක් ඉදිරිපත් කරන බවද ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දැනුම් දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ අද (05) නඩුව කැඳවු අවස්ථාවේ දී එම දැනුම්දීම සිදුකළා.

නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 10 දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරිමට පෙර පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු අවශ්‍ය ලේඛන නිසියාකාරව ලබා දී ඇත්දැයි සොයාබැලීම සඳහා එදින නඩුව කැඳවන බවයි.

ඒ අවශ්‍ය ලේඛන මොනවාදැයි සඳහන් වාර්තාවක් සතියක කාලයක් ඇතුළත අධිකරණයට ලබාදෙන ලෙසද විනිසුරුවරිය විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට පාදකව කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සන් 1000 කට ආසන්න ප්‍රමාණයක් එනම් බැංකු ගිණුම්වල සඳහන් ලේඛන ඇතුළු සියලු ලේඛනවල ඇති අත්සන් සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි.

එහිදී විනිසුරුවරිය පෙන්වා දුන්නේ එකී රසපරීක්ෂක වාර්තා නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බැවින් ඒවා ලබාගැනීමට කොපමණ කාලයක් ගතවන්නේදැයි තම අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

එහිදී පළමුවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කළේ මෙම විමර්ශනයේදී තව සේවාදායකයා විසින් අල්ලස් කොමිසමට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශවල පිටපත්ද තමන්ට ලබාදෙන ලෙසයි.

ඒ අනුව ඒවා ලබාදෙන ලෙස විනිසුරුවරිය අල්ලස් කොමිසමට නියෝග කළා.

පසුගිය නඩුවාරයේදි කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ අය ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරිණිණා.

ඊට අමතරව විදෙස් ගමන් තහනමන් ද පැනවූ අතර ඇඟිලි සලකුනු ලබාගැනීමට ද නියෝග ⁣කළා.

ඊට අමතරව පෙර වැරදි වාර්තාවක් ද කැඳවන ලෙස විනිසුරුවරිය නියෝග කළා.

චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා..

ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙලිළිය රඹුක්වැල්ල, බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී, දියනියන් වන අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය හට අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56