කෙහෙළිය අධිකරණයට රැගෙන එයි (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) දිනයේ අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.