කෙහෙළියට කෙළවරක් නැති නඩු – ලබන සතියේ යළිත් බාල ඖෂධ නිසා අධිචෝදනා

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේ දී අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිල දී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව අද (03) සඳහන් කළ බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණ සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද දැනුම්දුන්නා.

ඊට අමතරව ප්‍රශ්නගත මෙම මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ද විමර්ශනයක් සිදු කළ බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සතියේදී නඩු පැවරීමට තීරණය කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බවත් සඳහන් කළා.

ඊට අමතරව මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන සෙසු ඖෂධ හා ආම්පන්න මිල දී ගැනීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඔහු සඳහන් කළා.

එම ඖෂධ මිල දී ගැනීම්වලට අදාළ ලිපි ගොනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන විමර්ශන සිදු කිරීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23