කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අද

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30 රැස්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදයේ අවසන් දිනය අද වන අතර, ඒ සඳහා වන ඡන්ද විමසීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව ඡන්ද විමසීම අද (08) පස්වරු 5.30ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය පසුගිය බදාදා (06) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වුණා.