කෙහෙළියට ඇප දීමේ තීන්දුව කල් අරියි

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබනු ලැබුවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බවයි.

‍ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කර තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05