කෙහෙළියගේ GI බට නඩුව කල් යයි

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය සමයේ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් සඳහා ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථා­වට අයත් රුපි­යල් 990,000ක මුද­ලක් වැය කර ජී.අයි. බට මිල දී ගැනී­මෙන් රජ­යට පාඩු සිදු කළ බවට චෝදනා කර හිටපු ඇමති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ඇතුළු තිදෙ­න­කුට එරෙහි පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 18 වැනිදා කැඳවීමට කොළඹ මහා­ධි­ක­රණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, අද (05) මහාධිකරණ අංක 2 හි දී එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරයා නොපැමිණීම හේතුවෙන් නඩුව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ බවයි.

ඒ අවස්ථාවේ දී නඩුව නැවත ලබන ජුලි 18 වැනි දින කැඳවන බව රෙජිස්ට්‍රාර්වරිය දැනුම්දුන්නා.

පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනිදා විත්තිකරුවන් හට චෝදනා කියවා දීමෙන් අනතුරුව නීති­ප­ති­ව­රයා ගොනු­කර ඇති චෝදනා 4ට ම නිවැ­රැ­දි­ක­රු­වන් බව විත්ති­ක­රු­වන් කියා සිටියා.

ඒ අනුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා සාක්ෂි කැඳ­වී­මට නියම කළා.

ඒ අනුව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය අද (05) දින දක්වා කල් තැබීමට නියෝග මහාධිකරණ විනිසුරුවරයා පසුගිය නඩුවාරයේ දී නියෝග කළා.

2015 වසරේ සිට රූප­වා­හිනී සංස්ථාවේ අලෙවි අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ සනත් ප්‍රියන්ත දළු­වත්ත මහතා ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු මේ වන විට මේ නඩුවට සාක්ෂි ලබා දුන්නා.

2014 වසරේ නොවැ­ම්බර් 25 වැනි දා හෝ ඊට ආසන්න දිනෙක ජන­මාධ්‍ය ඇමති­ව­රයා ලෙස කට­යුතු කර­මින් රූප­වා­හිනී සංස්ථා­වට අත්‍ය­වශ්‍ය නොවන අව­ස්ථා­වක එහි ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් සඳහා යැයි කිය­මින් රුපි­යල් 9,90,000ක මුද­ලක් වැය කර රූප­වා­හිනී සංස්ථා­වට ජී.අයි. පයිප්ප බට 600ක් මිල දී ගැනී­මෙන් රජ­යට පාඩු සිදු ­කි­රීම, ඒ සඳහා ආධාර අනු­බ­ල­දීම යටතේ අල්ලස් පනතේ ‘දූෂ­ණය’ නමැති වරද කළ බවට චෝදනා කර අල්ලස් කොමි­සම මෙම නඩුව ගොනු කර තිබුණා.

අල්ලස් හා දූෂණ පනත සහ දණ්ඩ නීති සංග්‍ර­හය යටතේ අධි­චෝ­දනා 4ක් යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබෙනවා.

අධි­චෝ­දනා පත්‍රයේ පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් 26 දෙනකු හා ලේඛන 17ක් සාක්ෂි ලෙස ඉදි­රි­පත් කර තිබෙනවා.

රූප­වා­හිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජන­රාල් චන්ද්‍ර­පාල ලිය­නගේ හා එහි හිටපු සභා­පති විම­ල­සේන රූබ­සිංහ යන මහ­ත්වරු මෙම නඩුවේ සෙසු විත්ති­ක­රු­වන් වනු ඇති.

අල්ලස් හෝ දූෂණ කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් අනු­රාධා සිරි­ව­ර්ධන මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙය වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23